පරම ධම්ම දහම් පාසල

      1952 අප්‍රේල් 27 වැනි දින ගරු හිමිපාණන්ගේ අවවාද අනුශාසන ඇතිව ගරු ඇරැව්වල සුමනතිස්ස හිමියන්ගේ අධ්‍යක්ෂකත්වයෙන් හා අතුරුගිරිය සද්ධාතිස්ස හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් වෛද්‍ය පී. එල්. එෆ්. සෙනෙවිරත්න, ඩී. එච්. කන්නන්ගර යන මහතුන්ගෙ සහයෝගයෙන් ගෞරවාර්හ පිටකෝට්ටේ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේ වෙතින් අත්පොත් තැබීමෙන් මොරකැටිය පරම ධම්ම දහම් පාසල බිහිවිය.

 

    දිනෙන් දින දියුණුවන දහම් පාසල සඳහා “බෝසත් ළමා සමාජය” මගින් ශ්‍රී ප්‍රියදර්ශි පුසතකාලය සහිත දහම් පාසල් ගොඩනැගිල්ල 1969 මාර්තු 26 වැනි දින අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා අතින් විවෘත කරන ලදි. එදින පිලිප් ගුණවර්ධන, එම්. ඩී. එච්. ජයවර්ධන, ඇස්. ද ඇස්. ජයසිංහ ආදින් මෙයට සහභාගි වී ඇත. එදින ගෞරවාර්හ මොල්ලිගොඩ අරියවංශ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව පවත්වා ඇත. මේ උත්සවය නිමිත්තෙන් පැවති සති පිරිත් දේශනයෙහි දොරකඩ අස්නෙහි අනුශාසන අස්න දෙසනු ලැබුවේ වත්මන් විහාරාධිපති හිමියන්ය.

      දහම් පාසලෙහි ප්‍රථම තාග්‍ය ප්‍රධානෝත්ස්වය 1955 ශ්‍රී පාදස්ථානාධිපති මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අග්‍ර විනිශ්චයාකාර හෙම බස්නායක, එච්. ඩ්බ්ලිව්. අමරසේකර, තෝමස් අමරසූරිය මහතුන්ගෙ සහඹාගීත්වයෙන් සිදුවූහ.

 

1960 දශකයේ සිට අප පරම ධම්ම දහම් පාසලේ
සේවය කළ සහ කරන ආචර්ය මන්ඩලයන්.

දහම් පාසලේ ආචර්ය මණ්ඩලය – 1960 දශකය

පූජ්‍ය ඇරැව්වල සුමණතිස්ස හාමුදුරුවන් වහන්සේ ( අධ්‍යක්ෂක )
ජූජ්‍ය අතුරුගිරියේ සද්ධාතිස්ස හාමුදුරුවන් වහන්සේ ( ප්‍රධානාචාර්ය )
ජූජ්‍ය දෙහිකුඹුරේ මංගල හාමුදුරුවන් වහන්සේ, ගරු කොට්ටවේ පේමරතන හිමි,
ඩී.පී.හයම්පත් මහත්මිය, ඩී.අයි.අයි. නානායක්කාර මෙනෙවිය, ජී.එච්.චන්ද්‍රලතා මෙනෙවිය,
ජී.එච්.රම්‍යා පෙරේරා මෙනෙවිය, ඩබ්. කුසලාවතී මෙනෙවිය,
ඇම්. කරුණාවතී පෙරේරා මෙනෙවිය, ඩී. දීප්ති පුෂ්පිකා ගම්ලත් මෙනෙවිය, නන්ද්‍රවතී අමරසිංහ මෙනෙවිය,
කේ.ඩී. විජයලතා මෙනෙවිය, කේ.ඩී. සුසිල් විජයරත්න මහතා,
ගාමිණී අභයසිරි මහතා, ඩී.එල්. රණසිංහ මහත්මිය, ගරු බෝතොට ධම්ම දස්සී හිමි.

 

රජත ජයන්ති සමරුව ආචාර්ය මණ්ඩලය -1977 දශකය

වමේ සිට – ගරු කොට්ටවේ පේමරතන හිමි ( උප ප්‍රධානාචර්ය )
ගරු අතුරුගිරියේ සද්ධාතිස්ස හිමි ( ප්‍රධානාචර්ය )
ගරු දෙදියවල තිලකසිරි හිමි හා ගරු තවලම ධම්මික හිමි.
පලමු පෙල වමේ සිට – කේ.ඩී. සුසිල් විජේරත්න මහතා, ජී.එච්. චන්ද්‍රලතා පෙරේරා මෙනෙවිය, ලක්ෂ්මි දේවිකා මෙනෙවිය, කේ.ඩී. විජේලතා මෙනෙවිය, ඩී.ජී. යහම්පත් මහත්මිය, ඩබ්. කුසලාවතී අල්විස් වීරක්කොඩි මෙනෙවිය, ඩී. සුමනා රණසිංහ මෙනෙවිය, ජී.එච්.රම්‍යා පෙරේරා මහත්මිය, ඩී.අයි.අයි. නානායක්කාර මෙනෙවිය හා පී.ඩී. චන්ද්‍රසේකර මහතා, ගරු බෝතොට ධම්මදස්සි හිමියෝ මෙහි නොමැත.

 

40 වස් සමරුව – ආචාර්ය මණ්ඩලය – 1992

ඉදිරිපෙල වමේ සිට දකුණට – තවලම්පොළ පකඤඤාරතන හිමි, ගොවුස්සේ පුඤඤානන්ද හිමි, දුනුකේවත්තේ සෝමරත්න හිමි, කොට්ටවේ පේමරතන හිමි, දෙහි කුඹුරේ බෝඩිසිරි හිමි, මායාකඩවර ධම්මික හිමි, නාවින්නේ පියසිරි හිමි.
දෙවන පෙළ වමේ සිට දකුණට – විජිතා ස්වර්ණලතා මෙනෙවිය, සරෝජා මල්කාන්ති මෙනවිය, දමිති පෙරේරා මෙනවිය, රමණී මාරඹේ මෙනවිය, සුධර්මා ප්‍රියන්ති මෙනවිය, ඉන්ද්‍රා දමයන්ති මෙනවිය, කේ.ඩී. විජයලතා මහත්මිය, කුසලාවතී වීරක්කොඩි මෙනවිය,
සුමනා රණසිංහ මහත්මිය, ඩී.අයි.අයි. නානායක්කාර මෙනවිය.
සිව්වන පෙළ වමේ සිට දකුණට – සී.ඩබ්.බන්ඩාර මහතා, දිනේන්ද්‍ර ප්‍රසන්න මහතා, පින්සිරි ඉන්දුල මහතා, සුසිල් විජේරත්න මහතා, මුදිත රාජපක්ෂ මහතා, දුමින්ද බාලසූරිය මහතා.
පෙනී නොසිටි – අර්.පියසීලි මෙනවිය, වජිරා වනිගතුංග මෙනවිය, ප්‍රියන්ති වටවල මෙනවිය.

45 වැනි සමරුව – ආචාර්ය මණ්ඩලය 1997

ඉදිරි පෙළ වමේ සිට දකුනට – අනෝමා කුමුදුනී පෙරේරා මිය, සුමණා රණසිංහ මිය,
පින්සිරි ඉන්දුල මහතා, ප්‍රධානාචර්ය ගරු කොට්ටාවේ පේමරතන හිමි, උප ප්‍රධානචර්ය දෙහිකුඹුරේ බෝධිසිරි හිමි. ගරු ගොවුස්සේ පුඤඤානන්ද හිමි, ගරු ගොවුස්සේ පුඤඤානන්ද හිමි, ගරු උඩලවත්තේ චන්ද්‍රවංශ හිමි, ගරු කැකිරාවේ විපස්සී හිමි, කේ.ඩී. සුසිල් විජේරත්න මහතා, ඩී.අයි.අයි.නානායක්කාර මෙනවිය, ප්‍රියන්ති දිල් රුක්ෂිකා වටවල මෙනවිය
මැද පෙළ වමේ සිට දකුණට – ජයරුක්ෂි සමන්තිකා මෙනවිය, ප්‍රීතිකා ගුණවර්ධන මෙනවිය, රොෂානි දීපාංජලී මෙනවිය, හර්ෂනී ලසන්ති මෙනවිය, ඩිලානි අබේසි විජේසේකර මෙනවිය, දීප්ති කුමාරි ඩයස් මෙනවිය, රුවිනි සංජීවනී ඩයස් මෙනවිය,පුණ්‍යා දමිති මෙනවිය, දිනේෂා දිල් රුක්ෂි මෙනවිය, සුධර්මා ප්‍රියන්ති මෙනවිය, සරෝජා මල්කාන්ති මෙනවිය, පුණ්‍යා නිශාන්ති මෙනවිය, ලුංගිකා ප්‍රියදර්ශනී මෙනවිය, රසිතා රංගනී වික්‍රමසිංහ මෙනවිය,අයේෂා හසන්ති මොරවක මෙනවිය, ඉනෝකා උදයංගනී මෙනවිය, ලේඛා ගයනි මෙනවිය.
පසු පෙළ වමේ සිට දකුණට – චමින්ද අබේසිංහ මහතා, දුමින්ද සංජීව බාලසූරිය මහතා, ඩබ්.එම්.අජිත් කුමාර මහතා, සාගර රුවන් මහතා, ගිහාන් නිරෝෂණ මහතා, චමිල සංජීව මහතා, ගීත් නවින්ද්‍ර මහතා, කේ.ඒ.ලලිත් ගුණරත්න මහතා, රසික ප්‍රදීප් මහතා, රොෂාන් සමන්ප්‍රිය වටවල මහතා, ඩබ්.ඒම්. තුසිත මහතා.
පෙනී නොසිටි – කුමුදු ශිරන්ත මොරවක මහතා, එරංග උදයන්ත මහතා, ඩී.කේ.ඩී. මහේෂ් වසන්ත කුමාර මහතා, කල්මිත් අනුරාධ මහතා, රුචිනි මංජුලා වීරසිංහ මෙනවිය, ඉරෝෂා ප්‍රියදර්ශනී මෙනවිය, චමිලා කුමාරි මෙනවිය.

අප පරම ධම්ම දහම්පාසලෙන් නිකුත් කරන ලද සමරු කලාප

 
 
 

 

 

වර්තමානයේ අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවනු ලබන්නේ
ගරු කොට්ටාවේ පේමරතන නාහිමිපාණන් වහන්සේ විසිනි.

 

එසේම උප ප්‍රධානාචාර්ය ධූරය හොබවනු ලබන්නේ ප්‍රවීණාචාර්ය
ගරු දෙහිකුඹුරේ බෝධිසිරි හිමියන් විසිනි.

 

   එය අද සිසුන් 2000 ක් පමණ අධ්‍යාපනය ලබන, මහරගම ශාසනාරක්ෂ මණ්ඩලයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත්ව ඇත. මෙම දහම් පාසලේ විශේෂත්වයක් වනුයේ 63 පමණ වූ ආචාර්ය මණ්ඩලය මෙම දහම් පාසලේම අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීමය.

2017 වර්ෂයේ ආචාර්ය මණ්ඩලය

 

ශිෂ්‍යනායක මණ්ඩලය 2017

 

දහම් පාසල් සංවර්ධන සමිතිය